Password Strength– ඔබේ මුර පදය සුරක්ශිතද?


Password Strength– ඔබේ මුර
           පදය සුරක්ශිතද?


මුරපදයක් කියන්නෙ එක් එක්කෙනාට අනනයය වුන දෙයක්.. මුරපදය වල ආරක්ශාව පිලිබද ලොකු ප්‍රශ්නයක් තියනවා දැන්. මොකද හැමතැනම දත්ත හොරු ඉන්නවානේ. හැක්ර්ලා.. ඉතින් ඔන්න මන් අද කියල දෙන්න යන්නේ මොන යකාටවත් අල්ලගන්න බැරි විදියට මුරපදය හදා ගන්න් විදිය.. අපිට හොද මුරපදයක් හදාගන්න නම් ඒ මුරපදය තුල පහත දේවල් අනිවර්යයෙන් තියෙන්න ඕනේ.

                       1. අකුරු
                       2. ඉලක්කම්
                       3. සංකේත

හරි, මේ ටිකම තිබුනත් ආවට ගියාට මුරපද හදන්න බෑ ඉතින් අපි බලමු කොහොමද වඩා වැඩි ආරක්ශාවක් සහිතව මුරපද හදාගන්න හැටි.

1. කවදාවත් පවුලේ අයගේ නම් උපන්දින වගේ දේවල් මුරපද විදියට ගන්න එපා
2. කවදාවත් “password”, “123456”, “iloveyou” වගේ දේවල් යොදා ගන්න එපා..
3. මුරපදයට Upper & Lower case letters බාවිතා කරන්නත් අමතක කරන්න එපා.
4. මුරපදයේ දිග අකුරු 8කට වඩා නිතරම වැඩි වෙන්නත් ඕනේ.
5. මේ මොනව උනත් ඔයාල හදන මුරපදය ඔයාලට මතක තියන එකක් වෙන්නත් ඕනේ.

හරි,

මේ කරුනු ටික ඔලුවෙ තියගෙන අපි එහෙනම් මුරපදයක් හදන්න උත්සාහා කරමු.

මුලින්ම think outside the Box. සම්ප්‍රදායෙන් පිට මුරපදයක් ගැන හිතන්න.. අපි හැමදාම දැම්මේ කාගෙ හරි නමක්, නැත්නම් උපන්දිනයක් එහෙමත් නැත්නම් කොහෙදි  හරි අහුන වචනයක්.. ඉතින් මේවයින් පිට දෙයක් ගැන හිතන්න..

මම උදාහරනයකට ගන්නම් මෙහෙමෙ දෙයක්. why can’t i lift lion with my hands මං මේකේ මුල් අකුරු ටික ගන්නවා. wcillwmh හරි, ඊලගට මං මේ අකුරු ටිකෙන් කීපයක් කැපිටල් කරනවා.. WciLlwmh හරි නේද? ඊලගට මම මොනවා හරි සංකේත කීපයක් එකතු කරගන්නවා.. W(c)iLlwmh ඊලගට ඉලක්කමක් දෙකකුත් දාගන්නවා. W(c)iLlwmh83 නියමයි නේද? කාටද මේ වගේ එකක් ගැන අනුමාන කරන්න පුලුවන්? 

ඉතින් ඔයාලට මේ වගේ එකක් හදාගන්න අදහසක් එන්නේ නැත්නම් අපිට පහල තියන මෘදුකාංග වෙබ් අඩවි පාවිච්චි කරලා ඒ වැඩේ කරගන්න පුලුවන්..

http://www.goodpassword.com/
http://www.pctools.com/guides/password/
https://www.grc.com/passwords.htm

හරි, ඊලගට අපිට බලන්න පුලුවන් මේ මුරපදය කොයිතරම් ශක්තිමත්ද කියල..

අපිට පුලුවන් අපේ මුරපදය දීලා ඒක කොයි තරම් ශක්තිමත්ද කියල දැනගන්න. මේ තියෙන්නේ ඒ සේවාව අපිට දෙන වෙබ් අඩවිය..

http://rumkin.com/tools/password/passchk.php


ඉතින් ඔයාලත් උත්සහා කරල බලන්න. හොද මුරපදයක් තියන් එක වටිනවා අපේ සර්ව්ර්ස් එහෙම පාවිච්චි කරන යාලුවන්ට. සුබ දවසක්..!
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment