Marvels Daredevil (2016) අන්ධ යක්ෂයා.




                                                                          ඔන්න් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලා ආසාවෙන් ඇගිලි ගනන් කර කර බලන් හිටපු    Daredevil කතා මාලාවේ Season 02 එක ගැන.ඉතින් මෙහි නිෂ්පාධකයන් වන Marvel Televisionලා මෙම කතාමාලාවේ Season 02 එක 2016 එන බව නිල වශයෙන් පසුගිය මාස වල දැනුන්දුන්නා.මෙම කතාමාලාවේ Season 01 එක 2015 අවුරුද්දේ ඔයාලා හැමෝම මග නොහැර බැලුව කතාවක් කියා මම හිතනවා.ඉතින් මම අද post එකෙන් මෙහි 2ව්න කතාමාලාව ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.ඉට කලින් මම ඔයගොල්ල්න්ට් කියන්නම් මෙම crime,action,scifi කතාව පටන්ගත්තේ කොහොමද කියලා.
             ඇත්තටම කිව්වොත්  Daredevil කියන වචනයට තේරුම් ගොඩක් තියෙනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් ලගින්ම යන තේරුම තමා යක්ෂයා යන තේරුම.ඉතින් අපේ comics ලෝලීන් දන්නා කතාවල එන වීරයන් වගේ මොහුත් සමාජයේ සිදුවන අසාධාරනවලට එරෙහිව නැගී සිටින්නෙක්.ඩෙයාඩෙවිල් කියන්නේ මාවල් කොමික්වල ඉතාමත් ප්‍රබල චරිතයක්. මේ ඩේඩෙවිල් චරිතය මුල් වරට එලියට එන්නේ වර්ෂ 1964 අප්‍රේල් මාසයේ.  ඩේඩෙවිල්ව නිර්මාණය වෙන්නේ ස්ටෑන් ලී සහ බිල් එවරට් කියන කොමික් චරිත නිර්මාණකරුවන් අතිනුයි.මොවුන් දෙදනා එකතු වී comic කතා ලියන්න පටන්ගත්තේ 1939දී New York නගරයේදී.නමුත් මොවුන් ගේ චිත්‍ර කතා පොත් අතරින් Daredevil කතාමාලාව ඇමරිකව සිටින තරුණයන් අතරේ ඉමහත් ලෙස ජනප්‍රිය උනා.මේ නිසාම මේ කතාමාලාව ඇසුරෙන් චිත්‍රපටි පවා  තිරගත වුනු බව ඔබ දන්නවා ඇති.ඉතින් Marvel  සමාගම  හිතුව මෙම චිත්‍රකතාව TV Series ලෙස ඔබට ගෙනෙන්න .ඉතින් මෙහම් තමා  මේ දැවැන්ත කතාවේ ආරම්භය 2015 වර්ෂයේදී සිදුවුනේ.මේ කතාමාලාවේ Season 01එකේ මොකක්ද සිදුඋනේ කියා අපි බලමු.
     ඉතින් මේ ඩෙයාඩෙවිල්ගේ ඇත්ත නම තමා මැතිව් මයිකල් මර්ඩොක්. එහෙමත් නැත්නම් මැට් මර්ඩොක්.  මෙතැනදී මැට් මර්ඩොක් කියන්නේ ඒක අන්වර්ථ නාමයක් විතරයි. මෙයාට අන්වර්ථ නාම තව කීපයක්ම තියෙනවා. මැට් පොඩි කාලෙදිම එයාගේ අම්මා එයාව දාලා යනවා. ඉතින් ඊට පස්සේ තාත්තා තමයි හෙල්ස් කිචන්වල ඉඳන් මෙයාව බලාගන්නේ. හැබැයි තාත්තා කවදාවත් කියන්නේ නෑ අම්මා එයාව දාලා ගියා කියලා. එයා කියන්නේ අම්මා මැරුණා කියලයි. තාත්තා නමින් ජොනතන් “බැට්ලින් ජැක්” මර්ඩොක් හෙවත් ජැක් මර්ඩොක්. බොක්සිං ක්‍රීඩකයෙක්. තාත්තාට ඕන වුනේ මේ මැට්ව ඔහුට වඩා සාර්ථක පුද්ගලයෙක් කරන්න. ඉතින් ජැක් උත්සාහා කරේ මේ මැට්ව නිතරම වාගේ ඉගෙනුම පැත්තට යොමු කරන්නයි. ජැක් බලාපොරොත්තු වුනේ එයාගේ පුතා කවදා හරි දවසක් එයා වගේ නූගත් පුද්ගලයෙක් නොවී උගත් පුද්ගලයෙක්  වෙයි කියලයි. ඉතින් මේ නිසා ඒ අහළ පහළ ඉන්න ළමයි මැට්ට විහිලුවටත් එක්ක ඩෙයාඩෙවිල් කියන්න ගත්තා. ඉතින් මේ දුක නැතිකරගන්නත් එක්ක මැට් කලේ හොරෙන්ම ගිහිල්ලා තාත්තාගේ ජිම් එකට වෙලා පුහුණුවීම වල නිරත වෙච්ච එකයි. ඉතින් දවසක් මේ මැට් දැක්කා වේගෙන් එන ට්‍රක් එක දිහාවට වයසක මනුස්සයෙක් ඇවිදගෙන එනවා. ඉතින් මෙයා මේ වයසක මනුස්සයාව බේරගන්න උත්සාහා කරනවා. එතනදී මේ ට්‍රක් එකේ තිබිච්ච විකිරණශීලී රසායනික ද්‍රව්‍යයක් මෙයාගේ ඇස් වලට ඉහෙනවා. ඒ නිසා මැට්ගේ පෙනීම සදහටම නැතිවෙලා යනවා.ඉතින් මේ අනතුර නිසා මැට් ගෙ පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා කියලා මමකිවුවනේ. නමුත් මැට්ට රෝහලේදී ආයෙත් සිහිය එනකොට මැට්ට තේරෙනවා එයාගේ ශ්‍රවන හැකියාව, ස්පර්ෂයෙන් යමක් හඳුනාගැනීමේ හැකියාව සාමාන්‍ය මිනිසෙකුගේ මට්ටමට වඩා ඉතාමත්ම ඉහල මට්ටමකට වර්ධනය වෙලා කියලා. මේ ස්පර්ශන හැකියාවෙන් තමා ඉස්සරහට මැට් තමාගේ කියවීම් කටයුතු කරගන්නේ. ඇස් පෙන්නේ නැති නිසා. මීට අමතරව ඔහුට රේඩාර් සන්නිවේදන හැකියාවක්ද මේ අනතුරෙන් මූණට විසිවෙච්ච රසායනික ද්‍රව්‍යය නිසා ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ කනට ඇහෙන ශබ්ධ ආධාරයෙන් මෙයාට පුළුවන් එයා අවට තියෙන වස්තූන්ගේ රූප හා හැඩය මනසින් මවාගන්න. ඉතින් මෙයා ඉස්සරහට නීතීඥයෙක් විදිහට වැඩ කරද්දි මිනිස්සු ඇත්ත කියනවද කියලා බලන්නත් මේ රේඩාර් හැකියාව පාවිච්චි කරනවා. බොරු කියනකොට හදවතේ හාට් බීට් එක වෙනස් වෙනවනේ. අන්න ඒ වෙනස් වෙන රේට් එක බලන්න තමා  මෙයා මේ බලය පාවිච්චි කරන්නේ…  
ඉතින් මාස කීපයකට පස්සේ මෙයාට ස්ටික් කියන නින්ජා ගුරුවරයාගෙන් එයාගේ හැකියාවන් පාලනය කරගන්න පුහුණුවක් ලැබෙනවා. මේ අතරතුරේ ෆ්ලෙක්ස් කියන තරඟ අනුග්‍රාහකයා විසින් පොඩි ආරවුලක් නිසා මැට් ගෙ තාත්තව වෙඩි තියලා මරනවා. පස්සේ මැට් මේ ෆ්ලෙක්ස්ව හොයාගෙන යනවා. පස්සේ මේ මැට් තාත්තගේ පලිය ගන්න කරන ක්‍රියාවන් ගැන එයාම බයට පත්වෙලා ආපහු මාස්ටර් ස්ටික්ව හොයාගෙන යනවා. නමුත් මාස්ටර් ස්ටික් මැට් මේ කරපුදේවල් නිසා එයාව ආපහු බාරගන්නේ නෑ. ඊට පස්සේ මැට් දිගටම එයාගේ අධයාපන කටයුතුකරගෙන ගිහිල්ලා කොලොම්බියා නීති විද්‍යාලයට ඇතුලත් වෙනවා. ඉතින් පස්සේ මෙයා මෙයාගේ නීති උපාධිය අරගෙන නීතීඥයෙක් විදිහට රැකියාවට එලබෙනවා. ඉති මෙයා ආයෙමත් එයා හැදී වැඩිච්ච කිචන්ස් හෙල්වලට එනවා. ඊට පස්සේ තමා මෙයා ඩෙයාඩෙවිල් නමින් වැඩ පටන් ගන්නේ. මුලින්ම මෙයාගේ ඇඳුම කළු පට එකක් කියල තමි මේ කතාවේ අපට කියන්නේ නමුත් මුලිම චිත්‍රකතාව කියන පරිදි මැට්ගේ අඩුම කහ හා කළු මිශ්‍ර වුනු ඇදුමක් ඔහු එක හදන්නේ තාත්තගේ boxing ඇදුන් වලින්.ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ චිත්‍රකතාවම අපට TV Series එකින් දකින්න බැරි බව.ඉතින් Matt හෙල්ස් කිචන් වල තිබෙන අපරාධ නවත්තන එක තම ප්‍රධාන වශයෙන් Season 01 එකෙන් අපට් කියන්නේ.ඉතින් ඔයගොල්ල්න්ට් මතක ඇතිනේ Season 01 එක කොහොමද ඉවර උනේ කියල.අවසාන කොටසේ අපට Daredevilගේ අළුත් ඇදුම ගැනැ ඔයගොල්ලන්ට් මතක ඇතිනේ.මේ Link එකෙන් ඔයගොල්ලන්ට Complete Season 01 Torrent File එක බාගන්න පුළුවන්.https://kickass.unblocked.la/marvels-daredevil-2015-season-1-s01-complete-720p-web-dl-x264-350mb-mrlss-t10527043.html මෙය copy කරලා address bar එකේ paste කරන්න.

        ඉතින් ඔන්න මම තැනට ආවා.Season 02 එකේ මොන වෙයිද,මොනවගේ දුෂ්ටයෝ එයිඩ් අපි දැන් ඒ පැත්තට හැරෙමු.දැනට ලැබී තිබෙන දත්ත අනුව අළුත් characters දෙදෙනකු ගේ පැමිණීමක් අපට බලාපොරොත්තු වන්න පුළුවන්.Bullseye and Elektra තමයි මේ අළුත් මුහුණු දෙක .ඔයගොල්ලෝ මේ comic පොත කියවල ඇතිනම් දන්නවා ඇතිනේ මම මේ කිව්වා නම් දෙක ගැන.දන්නේ නැත්තම් ඔන්න අහගන්නකෝ Bullseye කියන්නේ superhuman powersතියෙන ඩයල් එකක්.මූ තමා 2ව්න කතාමාලාවේ එන දුශ්ටයා.ඉතින් මුට හැකියාවක් තියෙනවා මුගේ නලල මගින් ඕන aim එකක් ගන්න. Elektra ගැන කියනවනම් ඇය මේ කතා මාලාවේ මුල ඉදන්ම සිටිය යුතු චරිතයක් නමුත් අපට ඇයව 2ව්න කතමලාවේදී තමා නිල වශයෙන්  මුනගේහෙන්නේ.ඇය martial arts ශුරියක් ඒවගේම Daredevilගේ ill-fated lover කියල තමා චිත්‍ර කතා පොතේ අපට කියන්නේ.ඉතින් මේ පට්ට කතාව කොහොම පටන්ගනිද  කොහොම ඉවරවෙඉද කියල බලන්න අපට තව සති කිහිපයක් බලන් ඉන්න වෙයි.

Starring Cast Supporting Cast


Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment