Broadband තාක්ෂණයන් හදුනාගනිමු 3


Broadband Internet


වර්ථමානය වනවිට අන්තර්ජාල සබඳතාවයක් යනු සෑම පුද්ගලයෙකු ම සතු පහසුකමක් බවට පත්වී හමාරය. විවිධ අන්තර්ජාල සේවා සපයන සමාගම් (ISP) විසින් විවිධ තාක්ෂණයන්ගෙන් බලගැන්වූ අන්තර්ජාල සබඳතා වෙළඳපොලට ලබාදේ. මෙම එක් එක් වර්ගයේ සබඳතා තුල භාවිතා වන තාක්ෂණයන් සහ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම තාක්ෂණය හඳුනාගන්නා ආකාරය පිළිබඳව කරුණු කිහිපයක් සලකා බලමු.



Mobile Broadband

අද වනවිට බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය අන්තර්ජාල සබඳතාවයක් ලෙස mobile broadband හඳුන්වාදිය හැක. විශේෂයෙන් ජංගම දුරකතන සඳහා අද වනවිට මෙම තාක්ෂණය බෙහෙවින් භාවිතා කරන අතර Laptop පරිගනක, tablet පරිගනක සහ වෙනත් විවිධ ජංගම උපාංග වෙත ඉතා පහසුවෙන් අන්තර්ජාල සබඳතාවය ලබාගැනීමට භාවිතා කරයි. මෙහිදී ජංගම දුරකතන ජාල ඔස්සේ දත්ත සම්ප්‍රේශණය සිදු කරණ අතර දුරකතන සබඳතාවයට භාවිතා කරන තරංග සංඛ්‍යාත පරාසයට වඩා පුළුල් සහ ඉහල සංඛ්‍යාත පරාසයන් භාවිතා කරයි.

EDGE, 3G, 4G, WiMax වැනි විවිධ ආකාරයන්ගෙන් ඔබට mobile broadband සබඳතාවයක් ලබාගතහැකි අතර EDGE සබඳතාවයකින් ලබාගතහැකි උපරිම දත්ත සම්ප්‍රේශණ වේගය 236Kbps (Kilobits per second) පමණ වේ. 3G සබඳතාවයක් හරහා තත්පරයකට Megabits කිහිපයක වේගයකින් යුත් සබඳතාවයක් ලබාගතහැකි වන අතර නවතම 4G දත්ත සබඳතාවයක් ඔස්සේ ඔබට මේ සියල්ලට ම වඩා ඉහල වේග වලින් යුත් අන්තර්ජාල ප්‍රවේශයක් ලබාගතහැකි වේ.

ඔබට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට සම්බන්ද වීම ඉතා පහසු වීම mobile broadband සබඳතාවයක ඇති සුවිශේෂීම ලක්ෂණය ලෙස දැක්විය හැකි අතර mobile broadband modem (internet dongle) එකක් භාවිතා කර අවශ්‍ය ඕනෑම පරිගනකයක් හරහා ඉතා පහසුවෙන් අන්තර්ජාල ප්‍රවේශය ලබාගතහැකි වීම ද තවත් එක් වාසියකි.

කෙසේ වෙතත් මෙවන් mobile broadband සබඳතාවයක් ලබාගැනීමට නම් මුලින්ම ඔබ සිටින ප්‍රදේශයට අදාල ජංගම දුරකතන ජාලයේ ආවරණය (coverage) තිබීම අනිවාර්ය කරුණකි. ඔබට ලැබෙන signal ප්‍රභලතාවය (strength) මත ඔබේ mobile broadband සබඳතාවයේ වේගය හා ස්ථාවරත්වය රඳා පවතින අතර වර්ෂාව, ඝණ මීදුම වැනි පාරිසරික සාධක ද ඔබේ signal strength එක අඩු වීම කෙරෙහි හේතු විය හැක.


 DSL internet


DSL යන්නෙන් නිරූපනය වන්නේ Digital Subscriber Line යන්නයි. නමුත් අපට වඩාත් හුරු පුරුදු වචයන වන්නේ DSL නොව ADSL ය. ADSL යනු DSL තාක්ෂණයේම එක්තරා ප්‍රවර්ගයක් (category) වන අතර මෙහි A අක්ෂරයෙන් Asymmetric යන්න නිරූපනය කරයි.

Asymmetric යන වචනයෙන් “අසමමිතික” යන අර්ථය නිරූපනය කරන අතර ADSL යනු සැබැවින්ම අසමමිතික DSL සබඳතාවයකි. එනම් DSL සබඳතා තුල දත්ත download වෙගයත් upload වේගයත්  සමාන අගයක පැවතුනත් ADSL සබඳතාවයක දත්ත download සහ upload වේගයන් අතර විශාල පරතරයක් ඇත. බොහෝ විට ADSL සබඳතාවයක දත්ත download වේගය ඉතා ඉහල අගයක් ගන්නා අතර upload වේගය සාපේක්ෂව පහල මට්ටමක පවතී. නමුත් විවිධ සේවාවන් ලබාගැනීමට පමණක් අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයෙකුට (end user) වඩා වැදගත් වන්නේ download speed එක බැවින් upload speed එක අඩු වීම එවන් පරිශීලකයෙකුට එතරම් වැදගත් නොවේ.

නමුත් ඔබ අන්තර්ජාලය තුලින් විවිධ සේවා සැපයීමට බලාපොරොත්තු වන පුද්ගලයෙක් නම් ඔබේ අන්තර්ජාල සබඳතාවයේ upload speed එක ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුය. උදාහරනයක් ලෙස ඔබ ADSL සබඳතාවයක් ඔස්සේ වෙබ් සේවාදායකයක් (web server) , දත්ත පාදක සේවා දායකයක් (database server) හෝ වෙනත් එවන් සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට download speed එක කෙතරම් ඉහල අගයක තිබෙන ADSL සබඳතාවයක් වුවත් කිසිසේත්ම නොගැලපේ.

ADSL අන්තර්ජාල සබඳතාවයක් මිලදී ගැනීමට පෙර ඔබ සැලකිලිමත් වියයුතු තවත් කරුණක් වන්නේ ඔබේ අන්තර්ජාල සේවා සපයන සමාගමේ (ISP) ADSL centrel office එකේ සිට ඇති දුරයි. සාමාණ්යයෙන් ADSL සබඳතාවයක් ඉතා හොඳින් ක්‍රියාත්මක වන්නේ central office එකේ සිට 5km දක්වා දුර සීමාවක් තුල පමණි. එම සීමාවෙන් පිටතට යත්ම සබඳතාවයේ වේගය සහ ස්ථාවරත්වය ක්‍රමයෙන් අඩුවේ.
ADSL සබඳතාවය සමග ඔබට “සේවාව සහතික කිරීමේ ගිවිසුමක්” (Service Level Agreement) ද නොලැබෙන බැවින් ඔබ සබඳතාවයක් මිලදී ගැනීමට පෙර මෙම කරුණ පිළිබඳව බොහෝ සැලකිලිමත් විය යුතුය. එසේ නොකිරීමෙන් ඔබට ලැබෙන සබඳතාවයේ සඳහන් කරනලද වේගයන් නොලැබුනොත් සමාගම ඒ වෙනුවෙන් කිසිදු වගකීමක් නොදැරීමටද ඉඩ ඇත.

කෙසේ වෙතත් පෙර සඳහන් කල mobile broadband වලට වඩා ADSL සබඳතාවයක සුවිශේෂී ගුනාංග කිහිපයකුත් දැකගත හැක. ඉන් ප්‍රධානතම කරුණ වන්නේ ඔබේ ADSL සබඳතාවය ඔබට ලැබෙන්නේ ඔබටම අනන්‍ය වූ රැහැනකින් වීමයි. එනම් සෑම ADSL පාරිබෝගිකයෙකු ම වෙන් වෙන් වූ රැහැන් ඔස්සේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) වෙත සම්බන්ද වේ. මේ නිසා කොපමන පරිශීලකයින් පිරිසක් එකවර සම්බන්ධ වුවත් ඔබේ සබඳතාවයේ වේගය අඩු වීමක් සිදු නොවේ.

ජංගම දුරකතන ජාල තුලත් මේ වනවිට ඉතා විශාල පරිශීලකයින් පිරිසකට එකවර සම්බන්ධ වීමේ හැකියාව ලබාදී තිබුනත් න්‍යායාත්මකව පරිශීලකයින් ක්‍රමයෙන් වැඩි වනවිට එම ජාල අකාර්‍යක්ෂම වීමට ඉඩ ඇත. ඔබට ඕනෑම මොහොතක ඉතාමත් ස්ථාවර අන්තර්ජාල සබඳතාවයක් අවශ්‍ය නම් මෙම ගැටළුවට ADSL ඔස්සේ සාර්ථකව පිළියම් යෙදිය හැක.

වර්ෂාව, මීදුම වැනි පාරිසරික හේතු නිසා සබඳතාවය අකර්මන්‍ය නොවීමම, ඉතාමත් පහසුවෙන් විශාල පරිගනක ප්‍රමාණයකට වුවත් එකවර සබඳතාවය ලබාදීමේ හැකියාවම, ස්ථාවරත්වය, mobile broadband සබඳතාවයකට වඩා වැඩි සහ ස්‍ථාවර සන්නිවේදන වේගයක් පවත්වාගැනීම වැනි කරුණු ADSL සබඳතාවයක ඇති විශේෂතා ලෙස හඳුන්වා දිය හැක.
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment