Broadband තාක්ෂණයන් හදුනාගනිමු 4


වෙනත් Broadband Internet සබඳතා වර්ග




T1 Connection

T1 යනු ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවුනත් broadband ක්‍රමයට අන්තර්ජාල සබඳතාවයක් ලබාගතහැකි තාක්ෂණික ක්‍රමවේදයකි. එක T1 line එකක් තුල 64kbps වේගයක් සහිත channels 24ක් ඇති අතර මෙම සියළුම channels එක්ව භාවිතා කරන විට 1.5Mbps දත්ත සම්ප්‍රේශණ වේගයක් ලබාගතහැක. නමුත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව මෙම channels වලින් අවශ්‍ය ප්‍රමාණයක් දුරකතන වෙහ්ත සහ තවස් තෝරාගත් ප්‍රමාණයක් අන්තර්ජාල සබඳතාවය වෙත වෙන් වෙන්ව ලබාගතහැක.

මෙහි සුවිශේෂී ලක්ෂණයක් වනුයේ මෙය Asymmetric සබඳතාවයක් නොවීමයි.  එනම් T1 සබඳතාවයක් තුල upload සහ download යන දෙ දිශාවටම දත්ත සම්ප්‍රේශණ වේගයන් සමාන වේ. මීට අමතරව T1 සඳහා “සේවා සහතික කිරීමේ ගිවිසුමක්” (Service Level Agreement) ලබාගතහැකි අතර එහි වේගයේ ස්ථාවරත්වය වෙනුවෙන් ISP විසින් 99.99%ක වගකීම් සහතිකයක් ලබා දේ.

කෙසේ වෙතත් මේවා ADSL සහ mobile broadband වලට වඩා බොහෝ මිල අධික ය. ආයතනික කටයුතු සඳහා වඩා සුදුසු වේ.


Satellite Internet

මෙයත් ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත ක්‍රමවේදයක් නොවේ. නමුත් මුහුදු යාත්‍රා, කාන්තාර ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ වැනි ADSL, mobile broadband හෝ T1 සබඳතාවයක් ලබාගැනීමට නොහැකි ප්‍රදේශ වෙත අන්තර්ජාල පහසුකම ලබාගැනීමට satellite internet ප්‍රයෝජනවත් වේ. සාමාන්‍යයෙන් හොඳ දත්ත සම්ප්‍රේෂණ වේගයක් පවත්වාගතහැකි වුවත් satellite internet සබඳතාවයක ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ සබඳතාවයේ ගුප්තතාවය (latency) සාපේක්ෂව ඉහල අගයක් ගැනීමයි. පොළව මතුපිට සිට 35,786km පමණ වූ ඉතා දුරින් කක්ෂගතව ඇති  චන්ද්‍රිකාවක් සමග දත්ත හුවමාරු කිරීමට සිදුවීම මෙයට හේතුවයි. විද්‍යුත් චුම්භක තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කලත් මෙතරම් විශාල දුරක් ගමන් කිරීමේදී 500ms පමණ වූ latency අගයක් ඇතිවේ. මේ නිසා satellite internet සබඳතා real-time communication සඳහා එතරම් යෝග්‍ය නොවේ.


මෙම T1 සහ satellite internet සබඳතා ADSL සහ mobile broadband වලට වඩා තරමක් මිල අධික බවද මෙහිදී ඔබට සිහිපත් කළයුතුය.
මීට අමතරව තවත් විවිධ වර්ගයේ broadband සබඳතා ලොව පුරා සුවහසක් පරිගනක පරිශීලකයින්ගේ කාර්‍යයන් පහසු කිරීමෙහි ලා ක්‍රියාත්මක වුවත් broadband තාක්ෂණය හඳූනාගැනීමට මෙම කරුණු කිහිපය ඔබට බෙහෙවින් ප්‍රමාණවත් වනු ඇත.

ඔබ අළුතින් broadband සබඳතාවයක් මිලදී ගැනීමට අදහස් කරන අයෙක් නම් ඔබේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඊට වඩාත් සුදුසු සබඳතාවය තෝරාගන්න.

ස්තුතියි!
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment