Broadband තාක්ෂණයන් හදුනාගනිමු 2

Dynamic සහ Static IP Address හඳුනාගනිමු


IP ලිපිනය යනු පරිගනක ජාලයක් හෝ අන්තර්ජාලය තුල ඔබේ පරිගනකය හඳුනාගැනීමට භාවිතා කරන විශේෂ වූ ලිපිනයකි. ඔබ broadband සබඳතාවයක් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමේදී ඔබේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) විසින් ඔබට IP ලිපිනයක් ලබා දේ. ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ එම IP ලිපිනය ඔස්සේ ය. නමුත් ශ්‍රී ලංකාවේ නම් බොහෝවිට ඔබේ ISP විසින් ලබාදෙන මෙම IP ලිපිනය ගතික (Dynamic) IP ලිපිනයකි. එනම් ඔබ අන්තර්ජාලයට සම්බන්ද වන අවස්ථාවේ ඔවුන්ගේ ජාලය තුල නිදහස්ව ඇති IP ලිපිනයක් ඔබට ලබා දේ. නමුත් ඔබ සම්බන්ධතාවය විසන්ධි කර (disconnect) නැවත සම්බන්ධ වීමේදී යලිත් ඔබට ලැබෙන්නේ පෙර ලිපිනයම නොවියහැක. නමුත් අන්තර්ජාල තුල වෙබ් පිටු වලට පිවිසෙන සාමාන්‍ය පරිශීලකයෙකුට මෙය එතරම් ගැටළුව නොවේ. ඔවුන්ගේ IP ලිපිනය කුමක්ද කියා දැනගැනීමට තරම් වත් ඔවුනට අවශ්‍යතාවයක් නැත.

නමුත් ඔබ සතුව අන්තර්ජාලයට සම්බන්ධිත සේවා දායක පරිගනකයක් (server) තිබේ නම් Dynamic IP address එකක් ඔබට විවිධ ගැටළු මතු කරනු නිසැකය. වෙනත් පරිගනක පරිශීලකයින් ඔබේ server පරිගනකයට පිවිසෙන්නේ එහි IP ලිපිනය ඔස්සේ බැවින් IP ලිපිනය නිතර නිතර වෙනස් වීම නිසා එම පරිශීලකයින් හට ඔබේ server එක හඳුනාගත නොහැකි වේ.
මීට අමතරව ඇතැම් e-mail server මගින් dynamic IP ලිපින සහිත පරිගනක  වලින් එවන ලද e-mail පණිවිඩ spam ලෙස හඳුනාගැනීම නිසා ද විවිධ ගැටළු ඇතිවිය හැක.

මේ ඔබ ව්‍යාපාරික කටයුතු සඳහා broadband සබඳතාවයක් මිලදී ගන්නේ නම්  dynamic IP ලිපිනයකට වඩා Static IP ලිපිනයක් ඔබට යෝග්‍ය වේ. Static IP ලිපිනයක් ලබාගැනීමට ඔබට ඔබේ ISP වෙත යම් ගෙවීමක් කිරීමට සිදු වන අතර එමගින් ඔබටම අනන්‍ය වූ ස්ථිර IP ලිපිනයක් ලැබේ. එය කිසි විටෙකත් වෙනස් නොවන බැවින් web server, database server වැනි සේවාදායකයන් පවත්වාගෙන යාමට ඉතාමත් පහසු වේ.

එබැවින් ඔබේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඔබට අවශ්‍යනම් Static IP ලිපිනයක් සමග ඔබේ  broadband සබඳතාවය මිලදී ගැනීම සැලකිලිඅත් වන්න.

(IP ලිපින සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් කියවන්න)

ඔබේ IP ලිපිනය, broadband සබඳතාවයේ වේගය සහ latency අගය පිළිබඳ ස්වයං පරීක්ෂාවක් සිදුකරගැනීමට පහත වෙබ් අඩවි යොදාගතහැක.

http://www.whatismyip.com/

http://www.speedtest.net/
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment