සංඛ්‍යා පරිවර්තන - 2

සංඛ්‍යා පරිවර්තන - 2

Valid XHTML 1.0 Strict

Valid CSS!

Valid CSS!

සංඛ්‍යා පරිවර්තන - 2

just an image



දහයේ නොවන පාදයක සිට දහයේ නොවන වෙනත් පාදයකට සංඛ්‍යා පරිවර්තනය කිරීමට කෙටි ක්‍රම කීපයක් පහත පරිදි මෙම ලිපියේ අන්තර්ගත වේ.

  • දෙකේ පාදයේ සිට අටේ පාදයට
  • අටේ පාදයේ සිට දෙකේ පාදයට
  • දෙකේ පාදයේ සිට දහසයේ පාදයට
  • දහසයේ පාදයේ සිට දෙකේ පාදයට

කෙටි ක්‍රමය - දෙකේ පාදයේ සිට අටේ පාදයට

පියවර

  • පියවර 1 - දකුණු අත පැත්තෙන් පටන් ගෙන ද්විමය සංඛ්‍යාව සංඛ්‍යාංක 3 නේ ගොඩවල් වලට කඩන්න.
  • පියවර 2 - එම එක් එක් ගොඩ තනි දහයේ පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
  • පියවර 3 -එම දහයේ පාදයේ සංඛ්‍යා සියල්ල එකට ලියන්න.

උදාහරණ

ද්විමය සංඛ්‍යාව : 101012
සමාන අටේ පාදයේ සංඛ්‍යාව සොයමු.

පියවර ද්විමය සංඛ්‍යාව අෂ්ටක සංඛ්‍යාව
පියවර 1 101012 010 101
පියවර 2 101012 210 510
පියවර 3 101012 258

ද්විමය සංඛ්‍යාව : 101012 = අෂ්ටක සංඛ්‍යාව : 258

කෙටි ක්‍රමය - අටේ පාදයේ සිට දෙකේ පාදයට

පියවර

  • පියවර 1 -අටේ පාදයේ සංඛ්‍යාවේ එක එක සංඛ්‍යාංකය ද්විමය සංඛ්‍යාවක් ලෙස ලියන්න
  • පියවර 2 -එම දෙකේ පාදයේ සංඛ්‍යා සියල්ල එකට ලියන්න.

උදාහරණ

අෂ්ටක සංඛ්‍යාව : 258
සමාන දෙකේ පාදයේ සංඛ්‍යාව සොයමු.

පියවර අෂ්ටක සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාව
පියවර 1 258 210510
පියවර 2 258 0102 1012
පියවර 3 258 0101012

අෂ්ටක සංඛ්‍යාව : 258 = ද්විමය සංඛ්‍යාව : 101012

කෙටි ක්‍රමය - දෙකේ පාදයේ සිට දහසයේ පාදයට

පියවර

  • පියවර 1 - දකුණු අත පැත්තෙන් පටන් ගෙන ද්විමය සංඛ්‍යාව සංඛ්‍යාංක 4 නේ ගොඩවල් වලට කඩන්න.
  • පියවර 2 - එම එක් එක් ගොඩ තනි දහයේ පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.
  • පියවර 3 -එම දහයේ පාදයේ සංඛ්‍යා සියල්ල එකට ලියන්න.

උදාහරණ

ද්විමය සංඛ්‍යාව : 101012
සමාන දහසයේ පාදයේ සංඛ්‍යාව සොයමු.

පියවර ද්විමය සංඛ්‍යාව ෂඩ් දශම සංඛ්‍යාව
පියවර 1 101012 0001 0101
පියවර 2 101012 110 510
පියවර 3 101012 1516

ද්විමය සංඛ්‍යාව : 101012 = ෂඩ් දශම සංඛ්‍යාව : 1516

කෙටි ක්‍රමය - දහසයේ පාදයේ සිට දෙකේ පාදයට

පියවර

  • පියවර 1 -දහසයේ පාදයේ සංඛ්‍යාවේ එක එක සංඛ්‍යාංකය ද්විමය සංඛ්‍යාවක් ලෙස
    ලියන්න
  • පියවර 2 -එම දෙකේ පාදයේ සංඛ්‍යා සියල්ල එකට ලියන්න.

උදාහරණ

ෂඩ් දශම සංඛ්‍යාව : 1516
සමාන දෙකේ පාදයේ සංඛ්‍යාව සොයමු.

පියවර ෂඩ් දශම සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාව
පියවර 1 1516 110510
පියවර 2 1516 00012 01012
පියවර 3 1516 000101012

ෂඩ් දශම සංඛ්‍යාව : 1516 = ද්විමය සංඛ්‍යාව : 101012

සංඛ්‍යා පද්ධති පිලිබඳ ලිපි පෙළ මින් අවසානයි. තවත් ලිපියකින් නැවත හමුවෙමු.

logo Copyright © 2015-MNNP, All Rights Reserved
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment