සංඛ්‍යා පරිවර්තන - 1

සංඛ්‍යා පරිවර්තන - 1

Valid XHTML 1.0 Strict

Valid CSS!

Valid CSS!

සංඛ්‍යා පරිවර්තන - 1

various number systems


එක පාදයක සිට තවත් පාදයකට සංඛ්‍යා පරිවර්තනය කිරීමට විවිදාකාර ක්‍රම සහ විදි ඇත. ඉන් කිහිපයක් මෙම ලිපියෙන්ද තවත් කොටසක් ඊළඟ ලිපියෙන්ද ගෙන එමි.මෙම ලිපියෙන් පහත සඳහන් සංඛ්‍යා පරිවර්තන උගත හැකිය.

  • දහයේ පාදයේ සිට අනෙකුත් පාද වලට
  • අනෙකුත් පාදවල සිට දහයේ පාදයට
  • අනෙකුත් පාදවල සිට දහයේ නොවන පාද වලට

දහයේ පාදයේ සිට අනෙකුත් පාද වලට

පියවර

  • පියවර 1 - පරිවර්තනය කලයුතු දශමය සංඛ්‍යාව අවශ්‍ය පාදයෙන් බෙදන්න.
  • පියවර 2 - පියවර 1 හි බෙදීමෙන් ලැබෙන ශේෂය අලුත් පාදයේ සංඛ්‍යාවේ අඩුම ප්‍රමුඛතා සංඛ්‍යංකය ලෙස ගන්න.
  • පියවර 3 - පළමු බෙදීමෙන් ලැබුණු ලබ්ධිය නැවත නව පාදයෙන් බෙදන්න.
  • පියවර 4 - පියවර 3 න් ලැබුණු ශේෂය නව පාදයේ සංඛ්‍යාවේ ඊළඟ සංඛ්‍යංකය ලෙස ගන්න.

ලබ්ධිය 0 වන තෙක් පියවර 3 හා 4 නැවත නැවත කරන්න.
අවසානයට ලබාගන්න ශේෂය නව පාදයේ සංඛ්‍යාවේ වැඩිම ප්‍රමුඛතා සංගුණකය ලෙස ගත යුතුය.

උදාහරණ

දශමය සංඛ්‍යාව : 2910
සමාන ද්විමය සංඛ්‍යාව සොයමු.

පියවර ක්‍රියාන්විතය ලබ්ධිය ශේෂය
පියවර 1 29/2 14 1
පියවර 2 14/2 7 0
පියවර 3 7/2 3 1
පියවර 4 3/2 1 1
පියවර 5 1/2 0 1

මෙහිදී සිහි තබාගත යුත්තේ අවසානයට ලැබෙන ශේෂය වැඩිම ප්‍රමුඛතා සංගුණකය ලෙසත් මුල්ම ශේෂය වැඩිම ප්‍රමුඛතා සංගුණකය ලෙසත් භාවිතා කල යුතුය යන්නයි.

දශමය සංඛ්‍යාව : 2910 = ද්විමය සංඛ්‍යාව : 111012

අනෙකුත් පාදවල සිට දහයේ පාදයට

පියවර

  • පියවර 1 - පරිවර්තනය කලයුතු සංඛ්‍යාවේ සංඛ්යාන්ක වල ස්ථානීය අගයන් හදුනාගැනීම. එම ස්ථානීය අගය සංඛ්‍යාව තුල සංඛ්යන්කයේ පිහිටීම හා පරිවර්තනය වන පාදය මත රඳා පවතී.
  • පියවර 2 - පියවර 1 හි සොයාගත් ස්ථානීය අගය අදාළ සංඛ්යන්කයෙන් ගුණ කරන්න. සියලුම සංඛ්‍යාංක සඳහා මෙය කරන්න.
  • පියවර 3 - පියවර 2 හි ලැබුණු සියලු අගයන් එකතු කරන්න. එම එකතුව පරිවර්තිත දහයේ පාදයේ සංඛ්‍යාවට සමාන වේ.

උදාහරණ

ද්විමය සංඛ්‍යාව : 101012
සමාන දශමය සංඛ්‍යාව සොයමු.

පියවර ද්විමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාව
පියවර 1 101012 ((1 x 24) + (0 x 23) + (1 x 22) + (0 x 21) +
(1 x 20))10
පියවර 2 101012 (16 + 0 + 4 + 0 + 1)10
පියවර 3 101012 2110

අනෙකුත් පාදවල සිට දහයේ නොවන පාදවලට

පියවර

  • පියවර 1 - මුල් සංඛාව 10 පාදයට හැරවීම.
  • පියවර 2 - එම 10 පාදයේ සංඛ්‍යාව අවශ්‍ය අනෙක් පාදයට හැරවීම.

උදාහරණ

අෂ්ටක සංඛ්‍යාව : 258
සමාන දශමය සංඛ්‍යාව සොයමු.

පියවර 1 - දහයේ පාදයට හැරවීම

පියවර ද්විමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාව
පියවර 1 258 ((2 x 81) + (5 x 80))
පියවර 2 258 (16 + 5)10
පියවර 3 258 2110

අෂ්ටක සංඛ්‍යාව : 258 = දශමය සංඛ්‍යාව : 2110

පියවර 2 - දහයේ පාදය දෙකේ පාදයට හැරවීම

පියවර ක්‍රියාන්විතය ලබ්ධිය ශේෂය
පියවර 1 21/2 10 1
පියවර 2 10/2 5 0
පියවර 3 5/2 2 1
පියවර 4 2/2 1 0
පියවර 5 1/2 0 1

දශමය සංඛ්‍යාව : 2110 = ද්විමය සංඛ්‍යාව : 101012

අෂ්ටක සංඛ්‍යාව : 258 = ද්විමය සංඛ්‍යාව : 101012

දහයේ නොවන වෙනත් පාදයක සංඛ්‍යාවක් දහයේ නොවන තවත් පාදයක සංඛ්‍යාවකට පරිවර්තනය කිරීමේදී පියවර දෙකක් අනුගමනය කරන්නට සිදුවේ. සමහර පාද අතර සංඛ්‍යා පරිවර්තන වලදී මෙය තනි පියවරෙන් කිරීමට කෙටි ක්‍රම පවතී. ඒවා පිලිබඳ මීළඟ ලිපියෙන් විමසා බලමු.

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment